BREAKING NEWS
Search

රේස් ගිය තරුණයින්ගේ යතුරුපැදි එකට ගැටී අකාලයේ සමුගත් තරුණ ජීවිතය

250
තරුණයින් සමහර වෙලාවට හිතුන හිතුන දේවල් කරනවා..

ඒත් අවසානයේ තමගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව කරන මේ වැඩ නිසා ඔවුන්ට ආදරය කරන අය පවා අද ඉන්නේ දුකෙන්..

කිළිනොච්චිය – යාපනය මාර්ගයේ අලිමංකඩ ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීම නිසා අද සිදු වූ අනතුරක් නිසා එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා..

මෙම අනතුරෙන් තවත් තුන් දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ..

අප වාර්තාකරු පැවසුවේ කිළිනොච්චියේ සිට අධික වේගයෙන් යාපනය දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි..

තුවාලකරුවන් තුන් දෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි කිළිනොච්චිය රෝහලේ වෛද්‍යවරු සදහන් කළේ..

කිළිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා..

Make a Comment



Leave a Reply

Your email address will not be published. Required fields are marked *