BREAKING NEWS
Search

රට ඇමතුමට හෙලෝ කිව්ව තරුණයාගේ ලක්ෂ 65ක් අතුරුදන් වෙයි – අලුත්ම සෙල්ලම මෙන්න. ඔබත් අහුවෙන්න ඉස්සෙල්ලා දැනුවත් වෙන්න

207

යාපනය ප්‍රදේශයේ පිහිටි බැංකුවකින් රුපියල් ලක්ෂ 65ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවකුට විදේශ රටක සිට දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර එහිදී ඇමතුම ලබා ගත් පිරිස ප්‍රකාශ කොට ඇත්තේ ඔහුට ලන්ඩනයේ රැකියාවක් ලබා දිය හැකි බවයි.

දුරකතන ඇමතුම ලැබී ඇත්තේ ලන්ඩනයේ අංකයකින් නිසා ඔහු ඊට කැමැත්ත පල කොට එම කණ්ඩායම ප්‍රකාශ කරණ අන්දමට පියවරෙන් පියවර සිය දුරකතනය මගින් විවිධ ක්‍රියාකාරකම් සිදුකොට තිබෙනවා.

ඔහුගේ ගමන් බලපත්‍රයේ අංකය බැංකු කාඩ්පත් විස්තර යනාදිය එම පිරිස ලබාගෙන දින කීපයකට පසුව ඔහු මෙතෙක් සම්බන්ධ වී සිටි කණ්ඩායමේ සියලු දුරකතන අංක අක්‍රිය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව ඔහු බැංකුවට ගොස් තම ගිණුම පරීක්ෂා කිරීමේදී ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 65ක මුදලම වෙනත් පිරිසක් විසින් ලබා ගෙන ඇති බවටයි හෙළි වී ඇත්‍තේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *