BREAKING NEWS
Search

ඔලිම්පික් ගම්මානයෙන් පිටවී රැයක් ගත කල ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි

492

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණි පරුගුවේ රාජ්‍යය නියෝජනය කරන පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඇයගේ විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ඔලිම්පික් ක්‍රීඩා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පෙරුගුවේ ඔලිම්පික් කමිටු සභාපති Larissa Schaerer සඳහන් කර ඇත්තේ ලුආනා ඇලාන්සෝ අනවසරයෙන්, කිසිවකුටවත් නොදන්වා, සිය අභිමතය පරිදි ඔලිම්පික් ගම්මානයෙන් පිටවී රැයක් ගත කර ඇති අතර එම සිදුවීම හේතුවෙන් ඇය මෙසේ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා දැමීමට කටයුතු කළ බවයි.

ඒ අනුව ඇයට පිහිනුම් ඉසව් අහිමි වී යනවා.

කෙසේ වෙතත් ඇය මීට පෙර අවස්ථාවක දී පවසා සිටියේ ඇය මෙම ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමට නියමිත බවයි.

එවන් පසුබිමක ඇයට මෙම තහනමට ලක් වීමට සිදු වී අතර ඇය සිය කණගාටුව ප්‍රකාශ කරමින් Instagramහි සටහනක් ද තබා තිබෙනවා.

“එය දැන් ස්ථීරයි.. මම පිහිනුම් ක්‍රීඩාවෙන් සමුගන්නවා, සහයෝගයට ඔබ සැමට බොහොම ස්තුතියි! සමාවන්න පැරගුවේ, මට ඔබට ස්තුති කිරීමට පමණක් සිදු වෙනවා” ලෙසින් එහි සටහන් වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *