රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තහවුරු කරනු ලැබුවා.
එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පූලි විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ පෙත්සම්කාර හා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවයි.
මෙහිදී මහාධිකරණය විසින් විත්තිකරුවන්ට ලබා දුන් තීන්දුවට මැදිහත්වීමට සාධාරණ පදනමක් නොමැති හෙයින් විත්තිකරුවන්ගේ අභියාචනා නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඬුල්ල සඳහන් කළා.
මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් අතර වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග සමීපව කටයුතු කළ උප පොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන ගාමිණී සරච්චන්ද්‍ර , ප්‍රියන්ත සංජීව සහ කැලුම් රංග යන අයද ඇතුළත් වනවා.
බම්බලපිටිය ප්‍රදේශයේදී පැහැරගත් බව කියන මොහොමඩ් ෂියාම් නමැත්තාගේ මෘත ශරීරය දොම්පේ ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන තිබුණා.
ඉන් අනතුරුව වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට අදාළ නඩු විභාගය කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවති අතර 2015 වසරේ නොවැම්බර් මස 27 වනදා ඔවුන් එම චෝදනාවලට වරදකරුවන් කරමින් මරණය දණ්ඩනය නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබුණා .
වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් ඉදිරිපත් කළ අතර එම අභියාචනා පෙත්සම් 2017 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කිරීම ආරම්භ කළා.
පුරා වසර හතකට ආසන්න කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරනු ලැබුවා.




















