BREAKING NEWS
Search

පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරාගැනීමට උත්සාහ කිරීමේදී වෙඩි වැදී පුද්ගලයෙක් මරුට – පොලිස් නිලධාරියෙකුට තුවාල

199

සීදුව පොලිස් වසමේ කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී පුද්ගලයෙකු විසින් පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරාගැනීමට උත්සාහ කර තිබේ.

පොලීසිය සඳහන් කර ඇත්තේ, සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සීදුවම දෙස සිට පැමිණි මෝටර් රථයක් එලෙස පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවය.

එම අවස්ථාවේ දී මෝටර් රථයේ වම්පස අසුනේ සිටි පුද්ගලයෙකු විසින් පොලිස් සැරයන්වරයාගේ රාජකාරි ගිනිඅවිය උදුරාගැනීමට තැත් කිරීමේ දී එම අවිය ක්‍රියාත්මක වී අදාළ නිලධාරියාගේ පාදයකට හා උදුරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාගේ උදරයට වෙඩි වැදී තිබේ.

දෙදෙනාම මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මෝටර් රථයේ සිටි 38 හැවිරිදි පූගොඩ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *