BREAKING NEWS
Search

කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයෝ

131

දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් ශ්‍රී ලංකිකයන් 100 දෙනෙකු ඊයේ (06) දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.

මෙම පිරිස අතරට තරුණියන් 08 දෙනෙකු ද ඇතුළත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම වර්ෂයේ අගෝස්තු මස වන විට 3,694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු  මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ප්‍රකාරව ශ්‍රී ලංකිකයන් සඳහා මෙම රැකියා අවස්ථා හිමිවේ.

එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛන්ඩව මේ දක්වා ශ්‍රී ලංකිකයන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, මෙවර පිටත් වූයේ 873 වන කණ්ඩායමයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *