BREAKING NEWS
Search

පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයන් දෙදෙනෙක් කේක් කෑල්ලකට ඇන කොටා ගෙන – වලිය බේරන්න විශේෂ කාර්ය බලකාය සහ පොලිසියත් ගෙන්වලා

109

පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයින් දෙදෙනකු අතර ඊයේ (06) දහවල් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක් අයකු අනෙක් සේවකයාට පිහියකින් ඇනීමට උත්සාහ දරා ඇත.

මෙම සේවකයින් දෙදෙනාම පාර්ලිමේන්තු ආහාරපාන අංශයේ නිලයන් දරන දෙදෙනකු බවත් කේක් කෑල්ලක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් මෙලෙස දුරදිග ගොස් ඇති බවත් පැවසේ. බහින්බස් වීම දුරදිග යෑමෙන් පසුව දෙදෙනාම එකිනෙකාට පහර දීගෙන ඇති අතර ආහාර පරීක්ෂාවට සිටින විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය ඇතුළු ආහාර පාන අංශයේ කාර්ය මණ්ඩලය විසින් ගැටුම සමථයට පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත. මේ දිනවල පාර්ලිමේන්තුවට අමුත්තන් විශාල පිරිසක් පැමිණෙන අතර එම අමුත්තන් වෙනුවෙන් ද මුදල් ගෙවා ආහාර ලබා දීම සිදුවේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *