මොරටුව වෙරළේ මළ සිරුරක්

148

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මොරටුව මුරවත්ත ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා තිබූ නිරුවත් පිරිමි මළ සිරුරක් අද (7) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි

මෙලෙස මියගොස් තිබුණේ රත්මලාන රජ මාවත පාර පදිංචිව සිටි එස් සෙල්ලව රාජ් නැමැති 63 හැවිරිදි පුද්ගලයෙකි

මියගිය පුද්ගලයා ඊයේ  (6) දහවල් රත්මලාන දුම්රිය ස්ථානය අසල  මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි

නාවික හමුදාව සහ පොලිස් කිමි දුම්කරුවන් අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුමක් දියත් කලද ඊයේ (6) සොයා ගැනීමට නොහැකි වී ඇත

මියගිය පුද්ගලයා ඥාතීන් විසින් හඳුනා ගත් බවත්  ඔහුගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ  රෝහලේ තැන්පත් කර ඇත

මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් පැන්සිස් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *