BREAKING NEWS
Search

මේ අවස්තාව එනකන් අපි අවුරුදු ගානක් තිස්සේ බලාගෙන හිටියේ – අනුරත් ඇප තියයි. වීඩියෝ මෙන්න

113

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා සිටියේ එළැඹෙන 15 වනදා නාමයෝජනා භාරදීමට සුදානමින් සිටින බවය.

රට ගොඩනගන ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්‍රහණය කරවීම තම පක්ෂයේ අරමුණ බව ද ඒ මහතා පැවසීය.

රටේ බහුතරයක් ජනතාව මැතිවරණ දිනය පැමිණෙන තුරු පුල පුලා බලාසිටින බවත් පැවසු ඒ මහතා, පැහැදිලි දේශපාලන නායකත්වයක් රටේ නායකත්වයට පත්කිරීමට ඔවුන් කටයුතු කරන බවත්, රටේ ජනතාව මේ වනවිට “අනුරට රට භාරදෙන්න සුදානම්…” බවත් කියා සිටියේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *