බංග්ලාදේශ හමුදාව පවසන්නේ, ගුවන් තොටුපොළ පැය හයකට වසා දමා ඇති බවයි.
ගුවන් තොටුපොළ වසා දැමීම හේතුවෙන් බංග්ලාදේශ වෙත පැමිණෙ ඇතැමි ගුවන් යානා ඉන්දියාව වෙත හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර බංග්ලාදේශයේ විරෝධතා අතරතුර විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුව අත්පත් කරගෙන ඇති අතර අගමැතිවරියගේ පක්ෂ කාර්යාලය ද ගිනි තබා ඇති බවයි සඳහන් වන්නේ.
පවතින තත්වය හමුවේ අගමැතිනි ශෙයික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඉන්දියාවට පලා ගිය ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම, බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවන බව බංග්ලාදේශ හමුදා ප්‍රධානියා වන වේකර් උස් සමාන් නිවේදනයක් කළා.
ලක්ෂ සංඛ්‍යාත අරගලකරුවන් ඇඳිරිනීතිය නොතකා අගනුවර වීදිවල ගමන් කරමින් පසුව අගමැති මන්දිරයට කඩා වැදුණා.



















