Search

අත්තනගලු ඔයේ නාදුනන මළ සිරුරක්

78

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් දාරළුව ප්‍රදේශයේදී අත්තනගලු ඔයෙහි තිබී නාදුනන මළ සිරුරක් අද (5) සවස සොයාගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 

නිල් පැහැති කමිසයක් සහ නිල් පැහැති දිග කලිසමක් මෙම තැනැත්තා හැද සිට ඇති අතර කාගේ කවුරුන්ද යන්න හදුනාගෙන නොතිබිණි.

මේ සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *