BREAKING NEWS
Search

ගැබිණි වාට්ටුවට හොරෙන් ඇවිත් වෛද්‍යවරයෙකු ගැබිණි මව්වරුන්ට කල දේ

382

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු මන්නාරම දිසා රෝහලේ ගැබිණි වාට්ටුවට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි මව්වරුන් නිසි අවසරයකින් තොරව පරීක්‍ෂා කර ඇතැයි පවසමින් එම වෛද්‍යවරයාව සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ වෛද්‍යවරයා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය (03) ඉදිරිපත් කෙරුණු අතර, ඉන් අනතුරුව මෙම මස (07) වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ වෛද්‍යවරයා මීට පෙර චාවකච්චේරිය රෝහලේ සේවය කරන වකවානුවේ විනය විරෝධී සිද්ධියක් සම්බන්ධයෙන් මාරු වීමක් ද ලබා ඇති අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *