BREAKING NEWS
Search

වසර 20කට වැඩි කාලයක් නැදුන්ගමුවේ රාජාගේ ඇත්ගොව්වා වූ කලුමාමා ගේ සේවය වෙනුවෙන් හිමි වූ දේ

286

වසර 20 ක් පමණ කාලයක් පෙරහැර සඳහා දායකත්වය ලබාදුන් නැදුන්ගමුවේ රාජා ඇතාගේ හස්තිපාලක හෙවත් ඇත්ගොව්වා වන කළු මාමා හෙවත් විල්සන් කොඩිතුවක්කුගේ සේවය අගයමින් මාසික විශ්‍රාම වැටුපක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ අතර මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සතර මහා දේවාලයන්හි කප් සිටුවීම හෙට (04) අලුයම 4.10ට යෙදෙන සුබ නැකැතින් සිදුකිරීමට නියමිතයි.

ඉන් අනතුරුව පුරා දින 5ක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වා, ලබන 10 වනදා ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කෙරෙනවා.

රන්දෝලි පෙරහර වීදි සංචාරය 15 වනදා සිදු කෙරෙන අතර, අවසන් රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය කෙරෙන්නේ 19 වැනිදා රාත්‍රියේයි.

අවසන් රන්දෝලි මහ පෙරහර පැවැත්වීමෙන් අනතුරුව ලබන 20වනදා දියකැපීමේ මංගල්‍යය සිදු කෙරෙනු ඇති බවයි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *