BREAKING NEWS
Search

කුවෙට්හිදී අත්අඩංගුවට ගත් කලාකරුවන් ඇතුළු 24 දෙනාට වූ දේ

172

කුවෙට්හි දී පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ (03) රාත්‍රී කාලයේ නිදහස් කර ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 දෙනෙකු පසුගිය 2 වනදා කුවෙට් පොලීසිය මගින් අත්අඩංගුව ගෙන තිබුණි.

‘එතෙර අපි’ නැමැති සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේ එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙනි.

ඒ අනුව ගායක ගායිකාවන්ට අමතරව එම ප්‍රසංගයට පැමිණි සංගීත කණ්ඩායම සහ එය සංවිධානය කළ පිරිස මෙන්ම සංගීත කණ්ඩායමේ වාදන භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් කුවෙට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඊයේ රාත්‍රී මෙම පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කරගෙන ඇති අතර සංවිධායක මණ්ඩලයේ දෙදෙනෙකු තවදුරටත් පොලිස් අත්අඩංගුවේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *