BREAKING NEWS
Search

මොනරාගල, නාමල්ඔය සහ ඉඟිනියාල වෙඩිතැබිම් වලින් සිව්දෙනෙක් මරුට – පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මරුට

126

අද (04) අලුයම සිදුකළ වෙඩිතැබීම් කිහිපයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කාන්තාවක් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ අලුයම 2.45ට පමණ අම්පාර නාමල්ඔය ප්‍රදේශයේ නිවසක දී වෙඩිතබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කර ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන්ය.

එමෙන්ම ඉඟිනියාගල, නෙල්ලියද්ද ප්‍රදේශයේ නිවසක දී 54 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය.

මේ අතර කරාඬුගල පොලිස් ස්ථානය තුළ 42 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

පොලීසිය සැකකකරනු ලබන්නේ එම සියදිවි නසාගත් පොලිස් නිලධාරියා විසින් 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයාට, කාන්තාවට සහ දියණියට වෙඩිතබා පසුව ඔහු ද වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවය.

මේ අතර සෙවණගල ප්‍රදේශයේ නිවසක සිදුවූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *