BREAKING NEWS
Search

වනිඳු හසරංග ඉවතට

171

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි  එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (03) රාත්‍රියේ නිවේදනය කළේය.

දෙරට අතර පළමු එක්දින තරගයේ වනිඳු ඔහුගේ 10වැනි පන්දුවාරය යොමුකරමින් සිටියදී වම් පාදයේ ආබාධයකට ලක්විය.

ඒ හේතුවෙන් සිදු කරන ලද එම්.ආර්.අයි. පරීක්ෂණයෙන්ද මේ බව තහවුරු වී ඇත.

මෙහිදී  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටියේ හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳ වූ බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *