BREAKING NEWS
Search

තරුශිට දෙවන වටයෙන් හිමි වූ තැන මෙන්න

1004

පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව ඉහළ බලාපොරොත්තුවත් තබා සිටි ඉසව්වක් වූ තරුෂි කරුණාරත්නගේ කාන්තා මීටර 800 ඉසව්වේ අවසන් බලාපොරොත්තුවත් අද (03දා) සම්පූර්ණයෙන් බොඳවී ගියේය.

මෙම ඉසව්වේ ඊයේ (02දා) පැවැති මූලික තරගවලදී සාර්ථක වීමට තරුෂිට නොහැකි වුවත්, ඇයට අද දිනයේදී නැවත වරක් තරග වැඳීමට අවස්ථාව හිමිවිය.

ඒ අනුව මෙරට වෙලාවෙන් අද ප.ව. 3.15ට පැවැති 04වැනි මූලික තරගයට තරුෂි සහභාගි වූ අතර, එහිදීද ඇයට 07වැනි ස්ථානයෙන් සැහීමට සිදුවිය.

මෙහිදී තරුෂි වාර්තා කළ කාලය දැක්වූයේ මිනිත්තු 2.12.13ක් ලෙසිනි.

තරුෂිට හිමිවූ මෙම දෙවැනි අවස්ථාව නැතිනම් Repechage round යනු මූලික වටයේ අසාර්ථක වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලබාදෙන දෙවැනි අවස්ථාවක් වන අතර, ඔලිම්පික් ඉතිහාසයේ එවන්නක් ලබාදෙන පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *