BREAKING NEWS
Search

හමාස් හමුදා ප්‍රධානියාත් ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

156
හමාස් හමුදා ප්‍රධානී මොහොමඩ් ඩීෆ් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබෙනවා.

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හානියේ ඝාතනය කර දිනකට පසුවයි ඊශ්‍රායලය විසින් මෙලෙස නිවේදනය කර ඇත්තේ.

ඒ අනුව, ප්‍රහාරක ජෙට් යානා මගින් ඛාන් යුනිස් ප්‍රදේශයට පහර දුන් බවත්, බුද්ධි තක්සේරුවකින් අනතුරුව මොහොමඩ් ඩීෆ් මියගිය බවට තහවුරු කළ හැකි බවත් ඊශ්‍රායල ආරක්ෂක බලකාය නිවේදනය කළා.

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හානියේගේ අවසන් කටයුතු සදහා ද දහස් ගණනක් ජනතාව මේවන විට ඉරානයට රැස්වෙමින් සිටිනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *