BREAKING NEWS
Search

සූදුපොළක් වටලන්න ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

121

වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඌව කුඩාඔය තිස් අට ප්‍රදේශයේ නිවසක සූදුපොලක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව එම සූදු පොල වැටලීමට ගොස් තිබේ.

එම අවස්ථාවේ දී එහි සිටි පිරිසක් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී ඇති අතර පහරදීම නිසා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඊට අමතරව සැකකාර නිවසේ සිටි පුද්ගලයාද පොලීසිය තමන්ට පහර දුන් බව පවසා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *