BREAKING NEWS
Search

උදේශිකා අක්කගේ ගෙදර වාහන 2ක් තියෙනවා ඔය කියනවා වගේ දෙයක් මෙතන උනේ නෑ – බස් එකේ ගෙදර ගියා කියලා සමාජ මාධ්‍ය වල වයිරල් වුන උදේශිකා ගැන සමිපතයෙක් හෙළි කල කතාව

857

කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ, නාවදගල ,අක්කර 100 ගමේ අඩු ආදායම්ලාභී දුප්පත් පවුලක උපත ලබා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් පෙරළිකාර දස්කම් දැක්වූ ඇය කේ. ඩී. උදේශිකා ප්‍රබෝධනී ය.

කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ දුෂ්කර ගමක කුරුඳු තැලීම ජීවිකාව කරගත් කේ. ඩී. ප්‍රේමසිරි සහ අයි. ඩී. කුසුමලතා දෙපළගේ දෙටු දියණිය වශයෙන් 1985 දී ජන්ම ලාභය ලැබූ උදේෂිකා ගමේ පාසල වන කරන්දෙණිය ගංඉම පාසලෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා අනතුරුව උසස් පෙළ හැදෑරීම සඳහා ඇල්පිටිය ශාන්ත තෙරේසා බාලිකා මහා විද්‍යාලයට ඇතුළත් වූවාය.

ඇය කලා අංශයෙන් උසස් පෙළ සමත් විය. ක්‍රීඩාවට උපන් හපන් කමක් දැක්වූ ඇය ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී රාජ් නිරෝෂන් මහතාගේ පුහුණුව යටතේ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී වමත් වේග පන්දු යාවන්නියක වශයෙන් ඉහළම දස්කම් දැක්වීම නිසා 2009 වසරේ ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්ව ඇත.අනතුරුව ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් රත්නායක මහතාගේ පුහුණුව යටතේ දක්ෂ වමත් පන්දු යවන්නියක වශයෙන් වැඩිදුර පුහුණුව ලබා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පන්දු යවන්නියක වශයෙන් කණ්ඩායමට එක්ව ඇත.

ක්‍රිකට් ගහලා කප් දිනලා පාරේ බස් එකේ ගෙදර ගිය උදේශිකා

අනතුරුව 2011 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික සෙබළියක වශයෙන් පත්වීම ලබා ඇත්තේද ක්‍රිකට්වලින් ඇය දැක්වූ සුවශේෂී දක්ෂතාවය නිසායි.

ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩිකාවක වශයෙන් 2010 ,2013, 2014, 2016, 2017, 2018, 2020 වසරවල පැවති ලෝක ශූරතා ක්‍රිකට් තරගවලට සහ ටී-20 ක්‍රිකට් තරගවලට ඉදිරිපත්ව විශේෂ දක්ෂතා දක්වා ඇති දිරිය දියණියකි. 2024 ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව වෙනුවෙන් පැවැති තරගාවලියේ දී බංගලාදේශය සහ පකිස්තානය සමග පැවති තරග දෙකේදීම පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ආරම්භක කඩුලු දෙකම දවා ගැනීමට සමත් වූ ඇය පෙරළිකාර ඉන්දියාව සමග පැවැති අවසන් තරගයේදී දක්ෂතම කඩුල්ල දවා ගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාව වෙත නතු කර ගැනීමට අති විශිෂ්ට දායකත්වයක් දැක්වූවාය. මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැමුණු බළකායේ වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික නැවි තනතුරක් හොබවන ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පූර්ණ කාලීනව නිදහස් කර ඇත.

කොපමණ දස්කම් දැක්වූව ද ගමේ ඉපිද, ගමේ හැදී වැඩී,ගමේ පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඇයට අපේ රටේ ක්‍රිකට් ලෝලීන්ගෙන් හැර බලධාරීන්ගෙන් නිසි සැලකිල්ලක් ලැබුණා ද යන්න යළි යළිත් සිතා බැලිය යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් පහළම අඩියකට වැටී ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබූ දුෂ්කරම අවධියක නැවත ශ්‍රී ලංකාව ලෝකය අතරට ගෙනයාමට සමත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දිරිය දියණියක වන උදේශිකා ජයග්‍රණයෙන් පසු සිය ගමට යාම සඳහා 30 වැනිදා උදෑසන පැමිණ ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොළඹ සිට ඇල්පිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයකිනි. මුළු රටටම අභිමානයක් ගෙන ආ ඇය වෙනුවෙන් ඇයගේ ආදරණීය පියා ඇතුළු පවුලේ සැම ප්‍රදේශවාසීන් සහ අවට ගම්වාසීන් සමග කුරුඳුගහහැතැප්ම සිට තම ගම් පියස දක්වා ගමන් කළේ ගමේ අය සංවිධානය කළ රථ පෙළපාලියකිනි.

ක්‍රිකට් ගහලා කප් දිනලා පාරේ බස් එකේ ගෙදර ගිය උදේශිකා

ඇය ආදරයෙන් පිළිගෙන මේ අයුරින් ඇයගේ උපන් ගම දක්වා රථ පෙළපාළියකින් කැන්දාගෙන ගියේ ඇයට කරන උපහාරයක් ගෞරවයක් වශයෙනි. මෙම චාම් පිළිගැනීමේ දී ඇල්පිටිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ මහතා ඇතුළු පොලිස් නිල දරුවන් ඇයට අවශ්‍ය ආරක්ෂාව සපයා තිබූ අතර ඇයගේ පවුලේ අය සහ ඥාතීන් , ප්‍රදේශවාසීන් හැරෙන්නට මෙම අවස්ථාවට කිසිඳු දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක කිසිවෙක් සහභාගී නොවීම විශේෂ සිද්ධියකි.

නමුත් ඇයගේ පිළිගැනීම සංවිධානය කල මෙසේ ෆේස් බුක් සටහනක් තබා තිබෙනවා.

K.D උදේශිකා ප්රබෝදනි ( සුද්දි අක්කා )
පත්තර කාරයෝ බොරු දාන, පේජ් කාරයෝ රිච් වැඩි කර ගන්න දගලන තැන ඔබ නොදත් ඇත්ත
මේ පිළිගැනිමේ වැඩසටහන මගේ අදහසක් ඒක සංවිධානය කරේ මම ඇතුළු දියපිටගල්ලන ප්රශක්ති තාරුණ්යය
උදේශිකා අක්කගේ ගෙදර වාහන 2ක් තියෙනවා ඔය කියනවා වගේ දෙයක් මෙතන උනේ නෑ.
එයා වාහන ඩ්රයිව් කරන්න දන්නේ නෑ ඒ නිසා වාහන තියෙන්නේ ගෙදර එයාගේ මල්ලි යවලා ගෙන්න ගත්තා නම් අපේ වැඩේට එයා කැමති වෙන්නේ නෑ. ඒ නිසා හයි වේ බස් එකේ ගෙදර එන්න කියලා එයාට නොදැනි අපි වැඩේ කරා. දුප්පත්කම කියන්නේ වෙන එකක්
සරල කම තවත් එකක්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *