BREAKING NEWS
Search

කැනඩා යාමට සිටි තරුණයාගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ

270

මුලතිව් වවුනිකුලම් වැවේ ඊයේ (31) හමු වූ තරුණයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලි වී ඇත්තේ ඔහුගේ ගෙල සිරකොට මරා වැවට දමා ඇති බවයි.

කැනඩාවේ රැකියාවක් සදහා පිටත්ව යාමට බැංකුවකින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් රැගෙන යතුරු පැදියකින් එමින් සිටි මුලතිව් යෝගපුරම් මල්ලාවි ප්‍රදේශයේ ආනන්දරාසා ජීවන් නමැති තරුණයාගේ මළ සිරුර වවුනිකුලම් වැවෙන් හමුව තිබෙනවා.

ඔහුගේ සරමක් යතුරුපැදිය හා පාවහන් යුගලක් වැව් කණ්ඩියේ එක් ස්ථානයක තිබී හමු වූ අතර මරණය සම්බන්ධයෙන් පොලීසියට විශාල සැකයක් හටගෙන තිබූ නිසා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණය දැණුවත් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

මළ සිරුර හදුණාගත් පවුලේ ඥාතීන්ද එම මරණය ගැන විශල සැකයක් පවතින බව මහේස්ත්‍රාත්පරීක්ෂණයේදී ප්‍රකාශ කිරීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණය මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කර තිබෙනවා.

එහිදී ඔහු වාර්තා කොට ඇත්තේ තරුණයාගේ මරණය ඔහුගේ ගෙල සිර කිරීමෙන් සිදුව ඇති අතර ඔහු මියයාමෙන් පසුව මළ සිරුර වැවට දමා ඇති බවයි.

අනතුරුව මුලතිව් මහෙස්ත්‍රාත්වරයා තරුණයාගේ මළ සිරුර අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඥාතීන් වෙත බාර දෙන ලෙසත් මේ ඝාතනයට සම්බන්ධ
පුද්ගලයින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙසත් පොලීසියට නියෝග කොට තිබෙනවා.

නාට්ටන්කන්ඩාල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *