BREAKING NEWS
Search

කඩු පහරින් වෙන් වු අතේ කොටසද දමා තරුණයා පැන ගිහින්

272

මාරවිල පහල වලහපිටියේදී  දෙපිරිසක් ඇතිවු  ගැටුමක් අතරතුරදී   එල්ලවු  තියුණු කඩු පහරකින් ගැටුමට මැදිවු තරුණයකුගේ අතක් මැණික් කටුව අසළින් වෙන්වි ඇති බවත්, අතෙහි  එම කොටසද  ගැටුම වු ස්ථානයේ  දමා තුවාලකරු පැන ගොස් ඇතැයි  මාරවිල පොලිසිය කියයි.

කලක සිට පැවති පුද්ගලික  ආරවුල දුරදිග යාමේන්  පසු සැකකාර  එක් තරුණයකු අනෙක් තරුණයාට  කඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බව කියයි.

මෙම ගැටුමෙන් කඩු පහරට ලක්වි අත මැණික් කටුව අසළින් වෙන්වි ඇත්තේ පහල වලහපිටිය ප්‍රදේයේ පදිංචි 23 හැවිරිදි තරුණයකුගේ බව කියයි පොලිසිය කියයි.

මාරවිල රෝහලට ඇතුලත් කල අත කැපි ගිය තරුණයාගේ තත්වය බරපතල විමත් සමග ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව කියයි. සැකකරු පහළ  වලහපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක දෙදරු පියෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *