BREAKING NEWS
Search

එංගලන්තයේ විරෝධතාවක් නිසා දැඩි නොසන්සුන්තාවයක් – පොලිසියේ 39කට තුවාල

128

එංගලන්තයේ සවුත්පෝට් ප්‍රදේශයේ නර්තන පුහුණුවීම් සිදු කරන ස්ථානයට පසුගිය සදුදා කඩා වැදි තරුණයෙකු එල්ල කළ ප්‍රහාරයෙන් ළමයින් 3 දෙනෙකු මියයාමේ සිද්ධියට එරෙහිව ජනතාව විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

සිය ගණනින් පිරිස් එම මධ්‍යස්ථානය අසල පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් අසල මෙම විරෝධතා පවත්වා ඇති අතර පසුව ඔවුන් එම දේවස්ථානයට ගල් ප්‍රහාරයක් ද එල්ල කර මෝටර් රථ ද ගිනි තබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

කළහකාරී ලෙස හැසිරුනු පිරිස් පාලනය කිරීම සඳහා පොලිසිය කැඳවා ඇති අතර විරෝධතාකරුවන්ගේ ප්‍රහාර වලින් පොලිස් නිලධාරින් 39 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුගිය සඳුදා සවුත්පෝට් ප්‍රදේශයේ කුඩා ළමයින්ට නර්තන පුහුණුව සිදු කරන මධ්‍යස්ථානයට කඩා වැදුනු 17 හැවිරිදි තරුණයෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් ළමයින් 3 දෙනෙකු මියගොස් 8 දෙනෙකු තුවාල ලැබුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *