කාන්තාවකගේ හිස කඳින් වෙන්කල නොච්චියාගම අනතුර

582

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ සුඛෝපභෝගි බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් අද (30) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවකගේ හිස කද ප්‍රදේශයෙන් වෙන් වී ඇති බවයි පරික්ෂණ පවත්වන නොච්චියාගම පොලිසිය පවසන්නේ.

සුඛෝපභෝගි බස් රථය නොච්චියාගම ප්‍රදේශයේදී යතුරුපැදියේ ගැටී ඇති අතර එහි ගමන් ගත් අඹු සැමි යුවල මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

යතුරුපැදියේ පිටුපස ගමන් ගත් කාන්තාවබස් රථයට යටවීමෙන් ඇගේ හිස කොටස බෙල්ලෙන් වෙන්වී එම ස්ථානයේදීම මරණයට පත්ව ඇතැයි පරික්ෂණ පවත්වන නොච්චියාගම පොලිසිය සදහන් කරන්නේ.

මෙසේ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජාංගනය යාය 15 ප්‍රදේශයේ පදිංචිකාර (34) හැවිරිදි විවාහක කාන්තාවක්.

අදාළ කාන්තාව සිය සැමියා සමග යතුරු පැදියෙන් නොච්චියාගම නගරය දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවත්, අනතුරින් සැමියා සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

රථය අධික වේගයෙන් ධාවනය වී ඇති අතර, බස් රථයේ රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව යාමෙන් මෙම අනතුර සිදුව තිබූ බවයි පරික්ෂණ පවත්වන නොච්චියාගම රථ වාහන පොලිසිය සදහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සදහා නොච්චියාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර රියදුරු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳාහන්

අනතුරින් ජීවිතක්ෂයට පත් කාන්තාවගේ මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකාර රියදුරු නොච්චියාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය පුළුල් විමර්ශණ ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ජායාරූප ස්තුතිය – Accident1st



Leave a Reply

Your email address will not be published. Required fields are marked *