BREAKING NEWS
Search

සංගා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයට?

246

එළඹෙන සතියේ සිට පුරප්පාඩු වීමට නියමිත එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර අපේක්ෂකයෙකු වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වර්තමානයේ එංගලන්ත කණ්ඩායමේ එම ධුරය දරණ මැතිව් මොට් එම ධුරයෙන් ඉවත් වීමට නියමිත අතර, අදාළ ආකෘතිවල එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරියටත් ජෝෂ් බට්ලර් සිටිනු ඇතැයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

බ්‍රිතාන්‍යයේ සුප්‍රකට The Telegraph UK මෙම කරුණ වාර්තා කිරීමේ දී කුමාර් සංගක්කාර සහ ජෝෂ් බට්ලර් අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පවතින සබඳතාව අනාවරණය කර ඇති අතර, එළඹෙන සතියේ සිට පුරප්පාඩු වන ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා සලකා බැලීමට නියමිත අපේක්ෂකයන් දෙදෙනෙකු ද නම් කර තිබෙනවා.

ඒ අනුව සංගක්කාර හැර හිටපු ඔස්ට්‍රෙලියානු ක්‍රීඩක මයිකල් හසී සහ වත්මන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පුහුණුකරු වන හිටපු එංගලන්ත ක්‍රිකට් නායක ජොනතන් ට්‍රොට් ද වන බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *