BREAKING NEWS
Search

සුරතලාට වැඩියෙන් ආදරේ කරන්න ගිය තරුණිය සිරගෙට

296

සිය සුරතල් බල්ලාට අධික ලෙස ආහාර ලබාදුන් කාන්තාවකට නවසීලන්තයේ අධිකරණයක් විසින් මාස දෙකක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ ලබා දුන් ආහාර නිසා අධිකලෙස ස්ථූලභාවයට පත් වීම හේතුවෙන් සුරතලා මියයෑම නිසයි.

නුග්ගි නම් මෙම සුනඛයාගේ බර 53kg 7gක්.

මෙම හිමිකරු විසින් දිනකට කුකුල් මස් කැබලි අටක් හෝ දහයක් , සුනඛ බිස්කට් මෙම සුරතලාට ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එය කෙතරම් තරබාරුවීද යත්, මේදය සියල්ලම නිසා වෙදනලාවකින් හෝ සුරතලාගේ හද ගැස්ම ඇසීමට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සතුන්ට හිරිහැර කිරීම වැළැක්වීමේ රාජකීය නවසීලන්ත සංගමයේ ජූලි 24 ප්‍රකාශයකට අනුව දකුණු ඕක්ලන්ඩ් හි මනුකවු දිස්ත්‍රික් අධිකරණය නුගීගේ හිමිකරුට මාස දෙකක සිර දඬුවමක් නියම කළ අතර ඇයට දඩයක් ගෙවන ලෙස නියෝග කළා.

ඇයට වසරක කාලයක් සුරතල් සතුන් ඇති කිරීමට තහනමක්ද පනවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *