BREAKING NEWS
Search

පෙම්වතිය බැලීමට ගිය තරුණයාගේ සේසතම කොල්ල කාලා – කොල්ලා පොලිසියේදීත් සිහිසුන් වෙලා

123

කිළිනොච්චියේ සිට යාපනයේ සිටි සිය පෙම්වතිය බැලීමට ගිය තරුණයෙකුව කඩුවකින් කපා ඔහු සතුව තිබූ මුදල් හා ස්වර්ණාභරණද, ජංගම දුරකතනයද ඊයේ (29) කොල්ල කා තිබෙනවා.

කිළිනොච්චියේ සිට යාපනයට ගොස් එතැන් සිට මෙම තරුණයා උරුම්පිරායි ප්‍රදේශය දක්වා ත්‍රිරෝද රථයකින් ගොස් ඇති අතර, එම අතරවාරයේ දී ඔහු ගමන්ගත් ත්‍රිරෝද රථය තවත් ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මාර්ගය හරස් කොට නතර කිරීමෙන් පසුව මෙම මංකොල්ල කෑම සිදුකොට තිබෙනවා.

එහිදී පහරකෑමට ලක්වූ එම තරුණයා සිහිසුන්ව බිම ඇද වැටී ඇති අතර, ඔහු විසින් කුලී පදනම මත ලබා ගත් ත්‍රිරෝද රථයද ඔහුට නැවත සිහිය ලැබී බලන විට අතුරුදහන්ව තිබූ බවයි ඔහු ප්‍රකාශ කොට ඇත්තේ.

ප්‍රදීපන් විනුජන් නමැති 25 හැවිරිදි මෙම තරුණයා ඒ අනුව වහාම මානිප්පායි පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් සිදුකරමින් සිටි අවස්ථාවේදී යළිත් සිහිසුන්ව ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් මෙම තරුණයාව ගිලන් රථයක ආධාරයෙන් යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මානිප්පායි පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *