BREAKING NEWS
Search

දරු ප්‍රසුතියට රෝහල් ගත වූ තරුණ උපාධිධාරිණිය වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා පෙට්ටියෙන් ගෙදර එයි

472
මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා 27 හැවිරිදි තරුණ උපාධිධාරිණි තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය තරුණියගේ මව ඊයේ (29) සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක්කර තිබෙනවා.

මන්නාරමේ තම්පනායීකුලම් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන මාරියරාජ් සින්ධුජා නැමති මෙම තරුණිය මන්නාරම රෝහලේදී දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුව ඇයව නිවසට එවා ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුදින සිටම ඇයට බරපතල ලෙස රුධිරය වහනය වීමට පටන් ගෙන ඇති අතර ඇය මුරුන්කන් රෝහලට ඇතුළත් වීමෙන් පසුව තත්ත්වය අසාධ්‍ය බැවින් ගිලන් රථයක් මගින් මන්නාරම දිස්ත්‍රික් රෝහල වෙත ඇයව මාරු කොට යවා තිබෙනවා.

එම අවස්ථාවේදී රුධිරය වහනය වීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස වෛද්‍යවරු සලකා තරුණ මවට ප්‍රතිකාර ලබා දීමක් සිදු නොකළ බව මියගිය  කාන්තාවගේ මව වන ප්‍රකාශකර සිටියා.

අවසානයේදී අධික ලෙස රුධිරය වහනය වීම නිස ඇය සිහිසුන් වූ පසුව වෛද්‍යවරු ඇයව පරීක්ෂා කොට ප්‍රතිකාර ලබා දීම ආරම්හ කළ බවත් ස්වල්පවේලාවකට පසුව ඇය මියගිය බවත් මව පවසනවා.

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසාද් එම් හනීපාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු විමසූ විට ඔහු පැවසුවේ මියගිය කාන්තාව
සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධික ලෙස රුධිරය වහනය වීම නිසා හා කම්පනය නිසා මේ මරණය සිදු වූ බවට මූලිකව
නිගමනය වී ඇති බවයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ඇගේ දේහයේ අවයව කීපයක් කොළඹට යවා ඇති අතර එම පරීක්ෂණවලින් පසුව කාන්තාව මියයාමට හේතුව නිශ්චිතව නිගමනය කළ හැකි බවයි එම පරීක්ෂණවලදී වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත මේ මරණය සිදුව ඇත්නම් එම වෛද්‍යවරුන්ට එරෙහිව
නීතිමය පියවර ගන්නා බව සදහන් කළ වෛද්‍ය අසාද් එම් හනීපා දැනටමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි වැඩිදුරටත් පවසා සිටියේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *