එංගලන්තයේ සිදුවූ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙකු මරුට. නවයක් රෝහලේ

149

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

එක්සත් රාජධානියේ සවුත්පෝර්ට් හි ළමා නැටුම් වැඩමුළුවකදී ඊයේ (29) සිදුවූ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී ඝාතනය සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පිහියක් ද ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බවයි එරට පොලීසිය පවසන්නේ.

තුවාල ලැබූ ළමුන් නව දෙනාගෙන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, ඔවුන් සියලු දෙනාම පිහි ඇනුම් ප්‍රහාරයට ලක්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් III වන චාල්ස් රජු සහ කැමිලා රැජින කම්පනයට පත් වූ බව සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇති අතර, ප්‍රහාරය “අතිශයින්ම බිහිසුණු” බවයි එහි සඳහන්.

එමෙන්ම, “මෙතරම් ඛේදජනක ලෙස ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට සහ ආදරණීයයන්ට සහ මෙම සැබවින්ම බිහිසුණු ප්‍රහාරයෙන් විපතට පත් වූ සියලු දෙනාට අපි අපගේ හෘදයාංගම ශෝකය, යාච්ඤා සහ ගැඹුරු සංවේගය එවන්නෙමු,” යනුවෙන්ද එම ප්‍රකාශයේ සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *