තරග 3 කින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියට සහභාගී වීමට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Virat Kohli , ඉන්දීය එක්දින නායක Rohit Sharma ඇතුළු තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් අද (29) දිවයිනට පැමිණියා.
අද පස්වරුවේ මෙම පිරිස රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ දිනවල සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන අතර, එය අවසන් වීමෙන් පසුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.
පසුගිය T20 ලෝක කුසලානයෙන් පසුව රෝහිත් සහ විරාට් කෝලි T20 තරග රටාවෙන් විශ්‍රාම ගත් අතර ඉන්පසු ඔවුන් සහභාගී වන පලමු තරගාවලිය මෙය වීම විශේෂත්වයක්.
එළැඹෙන අගොස්තු 2දා පලමු එක්දින තරගය කොළඹ R.ප්‍රේමදාස පිටියේදී සවස 2.30 පැවැත්වෙනු ඇති.
View this post on Instagram


















