BREAKING NEWS
Search

අනුර කුමාරගේ සමුළුවට ගිය හෙදියන් ට වෙන්න යන දේ මෙන්න

187

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවති ජාතික සමස්ත ලංකා හෙද සමුළුවට රජයේ හෙද හෙදියන් නිල ඇඳුමින් සහභාගී වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව කැෆේ සංවිධානය පවසයි.

ඒ ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ඒ පිළිබඳව දැනුම්දෙමින් ලිපියක් යොමුකරමිනි.

මහජන බදු මුදල් වැය කර ලබාදෙන නිල ඇඳුම දේශපාලන කාර්යයන් වෙනුවෙන් යොදාගැනීම ආයතන සංග්‍රහය අනූවත් මැතිවරණ නීතිය අනූවත් වැරදි ක්‍රියාවක් බව එම සංවිධානය පෙන්වා දෙයි.

එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ එම ක්‍රියාව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවය.

මේ අතර ආරක්ෂක ප්‍රධානීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (29) පැවැත්වුණි.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් එහි පැමිණ තිබේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *