BREAKING NEWS
Search

ජංගම දුරකථන සම්බන්ධයෙන් අලුත් නීතියක්

178

බලපත්‍ර ලබා නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට මින් ඉදිරියට රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ සඳහා මෙතෙක් පැවැතියේ රුපියල් දස දහසක දඩ මුදලක්.

සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා මෙලෙස දඩමුදල් ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බවයි පැවසෙන්නේ.

එහි අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ සඳහන් කළේ, පසුගිය සමයේදී දුරකථන වෙළෙඳසල් ලියාපදිංචි නොවීම ඉහළ ගිය බැවින් දුරකථන අලෙවිය නියාමනය කිරීමට කොමිසම හට අපහසු වී තිබීම මෙලෙස දඩ මුදල් ඉහළ දැමීමට හේතුව බවයි.

ඒ අනුව මින් ඉදිරියට බලපත්‍ර ලබා නොගන්නා වෙළෙඳසල්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, ලියාපදිංචිය ලබාගන්නා වෙළෙඳසල් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමත ජංගම දුරකථන පමණක් අලෙවි කළ යුතු බවයි, අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කියා සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *