BREAKING NEWS
Search

ඉස්කෝලවල ශ්‍රේණි සහ විෂයන් ගණන වෙනස් වෙයි… අධ්‍යාපනයේ අලුත්ම වෙනස මෙන්න…

564

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ලබන 2025 වසරේ පළමු වාරය සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනවාවට අදාලව පාසලේ ශ්‍රේණි ගණන 13 සිට 12 දක්වා අඩු වනවා.

මේ අනූව සෑම දරුවකුටම අවුරුදු 17ක් වනවිට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට හැකියාව ලැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

මේ අතර තොරතුරු තාක්ෂණය, තාක්ෂණික හා සාරධර්ම විෂයන් හැදෑරීම අනිවාර්ය කිරීමට නව ප්‍රතිසංස්කරණය හරහා යෝජනා කොට තිබෙන බවයි පැවසෙන්නේ.

යෝජිත නව ප්‍රතිසංස්කරණය අනූව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී පාසල් ඇගයීම්වලට ලකුණු ප්‍රමාණයක් සහ විභාගවලට යම් ප්‍රතිශතයක ලකුණු ප්‍රමාණයක් වශයෙන් ලබාදී විභාගය සරල කොට තරගකාරීත්වය අඩුකිරීමට යෝජනා කොට ඇති බවද වාර්තා වනවා.

අ.පො.ස සා/පෙළ විභාගයේ විෂයන් 9 සිට 7 දක්වා දක්වා අඩු කිරීමට නියමිත බව වාර්තා වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *