BREAKING NEWS
Search

බිරිඳ මියගිය බවට බොරු කියා සැමියා මිනී පෙට්ටියක් ගෙදර අරන් ගිහින් ඩෙගා නටලා

260
බිරිඳ මිය ගොස් ඇති බවට මුසාවක් පවසමින් ස්වාමිපුරුෂයෙකු විසින් මල් ශාලා­ව­කට ගොස් රුපි­යල් 40,000ක් වටිනා මිනී පෙට්ටි­ය­කට මුදල් ගෙවා මල් වඩමක්, ඇඳුම් සහ අනි­කුත් අව­මං­ගල භාණ්ඩද වෙන්ක­රවා⁣ගෙන මල් ශාලාවේ වෑන් රථ­ය­කින් නි‍වසටම පැමිණි පුවතක් බළං­ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

බිරිය රෝගා­තු­රව සිටි බවත් මර­ණය සම්බ­න්ධ­යෙන් සැක­යක් නොමැති බවට මරණ පරී­ක්ෂක ඇතුළු නිල­ධා­රින්ද පැවැසූ බවයි අදාළ ස්වාමිපුරුෂයා විසින් මල්ශා­ලා­වට පවසා ඇත්තේ.

ඒ අනුව මල් ශාලාවේ සේව­ක­යන් විසින් මිනී පෙට්ටිය ඇතුළු උප­ක­රණ මොහු සමඟ මොහුගේ නි‍ෙව­සට රැගෙන ගොස් මිනී පෙට්ටිය නි‍වසට රැගෙන ගොස් ඇති අතර එහිදී මිනී පෙට්ටි­යක් රැගෙන ඒමට හේතුව කුම­ක්දැයි ඔහුගේ දරුවන් විමසා තිබෙනවා.

”උබලාගේ අම්මා මැරුණා” ලෙස එම අවස්ථාවේ මෙම පුද්ගලයා පවසා ඇති අතර එහිදී දරුවන් සඳහන් කර ඇත්තේ සිය මව මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටින බවයි.

මෙම සිදුවීමත් සමග මල් ශාලාවේ සේව­ක­යින් මිනී පෙට්ටිය ආපසු රැගෙන යෑමට උත්සාහ කර ඇති අතර, එම අව­ස්ථා­වේදී ඔහු විසින් සේව­ක­යින්ට තර්ජන කර තිබෙනවා.

එහිදී මිනී පෙට්ටිය නි‍වස තුළ දමා මල් ශාලාවේ පිරිස පිටව ගොස් ඇති අතර, වැඩි­ම­හල් දරුවා විසින් මේ සම්බ­න්ධ­යෙන් 119 හදිසි දුර­ක­තන අංකයට දැනුම් දීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මල් ශාලාවේ හිමි­ක­රුද මේ සම්බ­න්ධ­යෙන් බළන්­ගොඩ පොලි­සිය වෙත දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව බළන්­ගොඩ පොලි­සියේ නිල­ධා­රින් දෙදෙ­නකු එම නි‍වසට ගොස් මිනී පෙට්ටිය මල් ශාලාවේ සේව­ක­යින් වෙත ආපසු රැගෙන යෑමට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

සැමියා විසින් මිනී පෙට්ටිය වෙනු­වෙන් මල් ශාලා­වට ගෙවූ රුපි­යල් 40000ක මුදල නැවත රැගෙන යෑම සඳහා මල් ශාලා­වට පැමි­ණෙන ලෙස බිරි­ඳට සහ සැමි­යාට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ක්‍රියා කිරීමට හේතුව කුමක්ද යන්න සම්බ­න්ධ­යෙන් අදාළ පුද්ගලයා කිසි­වක් ප්‍රකාශ නොක­රන බවයි පොලි­සිය පව­සන්නේ.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *