BREAKING NEWS
Search

වාහන සිහිනය සැබෑ වෙන්නයි යන්නේ – වාහන මිල 60% දක්වා පහලට

667

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වාහන ආනයනය මත පනවා තිබු ආනයන සීමා ඉදිරි මාස කිහිපය තුළදී ලිහිල් කිරීම සිදු වනු ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා.

පසුගිය වසරවල පැවැති විදේශ විනිමය හිඟය මත වාහන ආනයනය තහනම් කෙරුණා.

නමුත් අත්‍යාවශ්‍ය වාහන සඳහා එම තහනම ක්‍රමිකව ලිහිල් කිරීම සිදු වූ අතර ඉදිරි මාස කිහිපය තුළදී ප්‍රමුඛතාවයන් අනුව අනෙක් වාහන ආනයන සීමා ද ඉවත් කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ මත රාජ්‍ය ආදායම් සහ විදේශ විනිමය වර්ධනය වීම සහ රජය අපේක්ෂා කළ ඉලක්කයන් සපුරාලීමට සමත් වීම හේතුවෙන් මෙම ආනයන සීමා ඉවත් කිරීමට රජයට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව අසීමිතව ඉහළ ගිය වාහන මිල වාහන ආනයනය කිරීමත් සමඟ 60%ක පමණ විශාල ප්‍රමාණයකින් පහළ බසිනු ඇති බවයි එම ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *