BREAKING NEWS
Search

පොහොට්ටුවේ අපේක්ෂකයා කවුදැයි උදයංගගෙන් හෙළිදරව්වක්

170
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ලබන සඳුදා පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සදහන් කළේ, පක්ෂ නියෝජිතයින් අතර අද (26) පෙරවරුවේ බත්තරමුල්ල – නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් පළකර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, “පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බව එළඹෙන සඳුදා දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී තීන්දු කරනු ඇත..” යනුවෙනුයි.

ඒ අනුව, රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පත් කිරීමට ඍජු තීන්දුවක් ගෙන ඇති බවයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් ජනපති රනිල් වික්‍රමසිංහ සමග එක්ව වැඩ කටයුතු කිරීමට අකමැති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා වට ගණනාවක් ගෙවුණු දින කිහිපයේදීම පැවැත්වුණා.

එවන් වටපිටාවක් තුල අද ජනපති රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට ඇප මුදල් තැම්පත් කරනු ලැබුවා.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *