BREAKING NEWS
Search

අහිංසක අපට කාගේ පිහිටක්ද? – මාතර රත් කළ පෝස්ටර්

175

පාතාලය සම්බන්ධ පුවත් පසුගිය දිනවල වැඩි වශයෙන් වාර්තා වුණා.

ඒ වගේම අතුරුගිරියේදී ක්ලබ් වසන්ත ඝාතනයෙන් පසු තැනින් තැන වාර්තා වුණ පෝස්‍ටර් කිහිපයක් ගැන පුවත් පසුගිය දිනවල සමාජය කැළඹීමට ලක් කරන්නට සමත් වුණා.

මේ කියන්න යන්නේ එවැනි පුවතක් ගැන වාර්තාවක්.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ආරක්ෂිත තාප්පයේ ස්ථාන කිහිපයක පෝස්ටර් කිහිපයක් අළවා තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

එය කිසියම් පුද්ගලයෙකුගේ හෝ සංවිධානාත්මක කල්ලියක ක්‍රියාවක් විය හැකි බවයි වාර්තා වෙන්නේ.

ඒවායේ සටහන් කර ඇත්තේ ”පාතාලය ජයගනියි, නීතිඥයින් පාතාලයේ කොන්ත්‍රාත්තුව ඉටු කරයි, මාතර අපි ඔබ සමගයි ” යනුවෙනි.

අනෙක් පෝස්ටරයේ සටහන්ව ඇත්තේ පාතාලය ජය ගනී – අහිංසක අපට කාගේ පිහිටක්ද යන්නයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *