Search

විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

134

චීනය සිය විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ එරට වයස්ගත ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟයි.

ඒ අනුව එරට දැනට පවතින තත්ත්වය තුළ නාගරික ප්‍රදේශවල පිරිමින්ට වයස අවුරුදු 60 දීත් කාන්තාවන්ගේ වයස වෘත්තීය මත පදනම්ව 50දී හෝ 55දී විශ්‍රාම ගැනීමට හැකියාව පැවතුනත්, ඉදිරි වසර 5 තුළ විශ්‍රාම වයස් සීමාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ දැමීමට සැලසුම් කර තිබෙනවා.

මේ ජනගහනය නිසා එරට උග්‍ර විශ්‍රාම වැටුප් අරමුදල් අර්බුදයකට මුහුණදීමට අවශ්‍ය පියවරක් ලෙසයි මෙය ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් එම තීරණයට පුරවැසියන්ගෙන් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *