හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදානගේ නැන්දනිය පදිංචි හෝමාගම දුම්රිය පොළ පාරේ පිහිටි තෙමහල් නිවස පසුගියදා කොල්ලකා තිබුණි.
එහිදී නිවසට ඇතුළුවූ කොල්ලකරු ඇයට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර රුපියල් ලක්ෂ 72ක් වටිනා රන් ආභරණ තොගයක් කොල්ලකා තිබූ බව වාර්තා විය.
ඒ අනුව සිද්ධියේ සැකකරුවෙකු සිව් මසකට පසු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබේ.


















