
හැබැයි මේ කියන්න යන්නේ ඉන්දියාවෙ ස්පයිඩර් මැන් ලෙස පෙනී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමක් ගැන.
ස්පයිඩර් මෑන් ලෙස සැරසුණ 20 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයක වාහනයක බොනට්ටුව මත නැගී යන වීඩියෝවක් සමාජ ගත වීමෙන් අනතුරුවයි.
මෙය දුටු ඉන්දීය පොලිස් නිළධාරීන් කඩිනමින් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මේ වනවිට ඔහු අත්අඩංගුවේ පසුවන බවට සඳහන්.
මෙම මෝටර් රථය පැද වූ පුද්ගලයාට අත් අඩංගුවට ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අනතුරුදායක ලෙස රිය පැදවීම, පරිසර දූෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම සහ ආසන පටි පැළඳ නොසිටීම යන චෝදනා යටතේ මොවුන් දෙදෙනාට එරෙහිව රුපියල් 26,000ක උපරිම දඩයක් සහ/හෝ සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කර ඇති බව පොලිසියේ ප්‍රකාශ කර තිබෙනවා.


















