රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

506

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

2024 මැයි සහ ජුනි මාසවල කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇති වූ ජල ගැලීම්, ගංවතුර හා නායයෑම් හේතුකොට ගෙන සේවයට වාර්තා කිරීමට අපොහොසත් වු රාජ්‍ය නිලධරයන් සඳහා විශේෂ නිවාඩු ලබා දීමට තීරණය රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇනහිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන්හට සහ මාර්ග අවහිර වීම හේතුවෙන් හෝ ඇති වු ව්‍යසනයන්ගෙන් විපතට පත් වීම හේතුවෙන් හෝ අවතැන් වීම හේතුවෙන් හෝ සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් හට මෙම නිවාඩුව හිමිවනු ඇති.

අදාළ නිලධරයා විසින් විශේෂ නිවාඩු ලබා ගැනීම සඳහා, තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව ද සඳහන් කරමින් නිකුත්කර ඇති ආකෘති පත්‍රයට අනුව, ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සහිත ඉල්ලීම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතුයි.

ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද නිලධරයාගේ ඉල්ලීම ආයතන ප්‍රධානියා විසින් පරීක්ෂා කර එහි නිරවද්‍යතාව පිළිබඳ පෞද්ගලිකවම සෑහීමකට පත්විය හැකි නම්, නිලධරයාගේ පාලනයෙන් බැහැරව ඉහත හේතු යටතේ සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දින ගණන සඳහා පමණක් විශේෂ නිවාඩු අනුමැතිය සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු බවයි වාර්තා වෙන්නේ.

මෙසේ ලබාදෙන විශේෂ නිවාඩු අදාළ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නිවාඩු ලේඛනයේ සුදුසු පරිදි ඇතුළත් කළ යුතු අතර, මෙම අනුග්‍රහය 2024 වර්ෂයේ මැයි සහ ජුනි මාසවල දිවයිනේ ඉහතින් සඳහන් කර ඇති දිස්ත්‍රික්කවල ඇති වූ ජල ගැලීම් ගංවතුර හා නායයෑම් නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධරයන් සඳහා පමණක් සීමා කර ලබා දිය යුතු බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *