BREAKING NEWS
Search

ක්ලබ් වසන්තගේ බිරිඳ යළි දැඩි සත්කාර ඒකකයට, රටම නොදන්න ඇත්තම කතාව මෙන්න…

910
පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන යළි ඊයේ දිනයේ  දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ ඇයගේ තත්ත්වය යළි තරමක් දුරට අයහපත් හේතුවෙන් බවටයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටා තිබූ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් දියත් කෙරුණා.

එහි දී ඔහු ඇතුළු තවත් අයෙක් මිය ගියා.

එමෙන් ම ක්ලබ් වසන්තගේ බිරිඳ සහ ජනප්‍රිය ගායන ශිල්පිනි කේ.සුජීවා ඇතුළු සිව් දෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමටයි පියවර ගත්තේ.

කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඇයට සැත්කම් තුනක් සිදු කළ බව සඳහන්.

එහි දී ඇයගේ පපු ප්‍රදේශයේ තිබූ වෙඩි උණ්ඩ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *