BREAKING NEWS
Search

අම්මලා කියනවා දැන් දරුවෙක් හදන්න කියලා… මුලින් අපි කල් ගත්තා ඒත් දැන් කාලෙ හරි… – තිසුරි යුවනිකා

207

කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පිනියක් වුණු සුසන්තා චන්ද්‍රමාලී මහත්මියගේ ආදරණීය දියණිය ගැන  තමයි මේ කියන්න සූදානම් වෙන්නේ.ඇය තිසුරි යුවනිකා.මේ වන විට තිසුරි රංගනයට තාවකාලිකව සමු දීලා ආදරණීය සැමියත් එක්ක විදෙස්ගත වෙලා තමයි ජීවත් වෙන්නේ.

ඇය විදෙස්ගත වුණේ ඇයගේ ආදරණීය සැමියාගේ ඉදිරි අධ්‍යාපන වැඩ කටයුතු වෙනුවෙන්.ඒවගේම තිසුරි කාලයක් තිස්සේ හීන මවලා තියෙනවා විදෙස් රටක ජීවත් වෙන්න.අවසානයේ ඇයට ඇයගේ ඒ හීනය හැබෑ කරගන්න හැකියාව ලැබිල තියෙනවා.

මේ වන විට ආදරණීය සැමියත් එක්ක ඉතාමත් සහයෝගයෙන් සහ ආදරයෙන් ජීවත් වන තිසුරී විවාහ වෙලා අවුරුදු හයක් සම්පූර්ණ වෙනවා.ඉතින් ඒ කාලසීමාවේදී ඔවුන්ගේ පවුල සම්පූර්ණ කරගන්න අදහසක් නැද්ද කියලා අහපු අවස්ථාවකදී තිසුරි කියල තිබ්බේ මේ වගේ කතාවක්.

“අපි දෙන්නගේ දෙමවුපියන් කතා කරපු ගමන් කියන්නේ දැන් ඇති තනියම හිටියා දරුවෙක් හදන්න ලෑස්ති වෙන්න කියලා. ඒත් අපි දෙන්නා හිනා වෙලා විහිළු කරලා ඉන්නවා. අපේ වැඩ කටයුතු එක්ක දරුවෙක් හදන්න මුලින් නම් කල් ගත්තා. ඒත් දැන් කාලේ හරි කියලා හිතනවා. නමුත් අපිට හදිස්සියක් නැහැ. අපි ළඟට එන දරුවා කැමති වෙලාවක එයි. එතකල් අපි දෙන්නා බලාපොරොත්තු තියාගෙන ජීවිතේ ගෙවනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *