BREAKING NEWS
Search

කේ. සුජිවා රෝහලෙන් පිටව යයි – කකුලේ අලුත්ම තත්ත්වය මෙන්න

550

අතුරුගිරිය ටැටූ ආයතනයේදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේදී වෙඩි වැදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අතුරුගිරියේදී ඉකුත් (8) වැනිදා නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ටැටූ ආයතනයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි පිට වෙඩි තැබීමෙන් ගායන ශිල්පිනී කේ.සුජීවාගේ  පාදයකට වෙඩි උණ්ඩ දෙකක් වැදී තිබුණි.

සැත්කම් කීපයකින් අනතුරුව කේ. සුජීවා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියාය.

ඇයගේ පාදයේ තුවාල යහපත් අතට පත්වීම හේතුවෙන් ඇය වෛද්‍ය උපදෙස් මත රෝහලෙන් පිටව ගොස් ඇති බව එම උසස් නිලධාරිය කීය.

ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිය තවමත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද එම නිලධාරියා පැවැසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *