BREAKING NEWS
Search

කොළඹ 7 ත්‍රිවිල් රථයක් තුළ ක.පා කොටා ඝාතනය කළ සිරුරක්

494

කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33ක පමණ පුද්ගලයෙකු බවය.

අද (23) අලුයම 1ට පමණ කුරුඳුවත්ත පොලීසියට 119 දුරකථන අංකයට ලද පණිවුඩයක් මත ජාතික දන්ත රෝහල අසල දී අදාළ ත්‍රීරෝද රථය සොයා ගෙන තිබුණි.

පසුව අදාළ ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සිදුකළ සොයා බැලීමේ දී එය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවට අනාවරණය වී තිබේ.

එම පුද්ගලයාගෙන් කරුණු විමසීමේ දී ඔහු පවසා ඇත්තේ, ත්‍රීරෝද රථය තම මස්සිනා වන 33 හැවිරිදි අයෙකුට හයර් දිවීම සඳහා ලබා දී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *