ටැටු දුලාන් අද අධිකරණයේදී කල දේ මෙන්න

311

අතුරුගිරිය ටැටූ  මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා  ඇතුළු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන දුලාන් සංජය අද (22)  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ පවසා සිටියේය.

සැකකාර දුලාන් සංජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා තම සේවා දායකයාට රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණයට දැන්වීය.

එහිදී මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය  රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සැකකරු දැනුවත් කළ අතර එම තත්ත්වයන් මත රහස් ප්‍රකාශය ලබා දීමට එකඟ වන්නේ නම් දහවල් දිවා විවේකයෙන් පසු සැකකරුගේ රහස් ප්‍රකාශය ලබා දීමට හැකි බව දන්වා සිටියාය.

ඒ අනුව අදාළ නඩුව අද දින අධිකරණයේ දිවා විවේකයෙන් පසු යළි විභාගයට ගැනීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *