BREAKING NEWS
Search

මිතුරන් සමග දන්සල් වඳින්න ගිය සිසුවා අන්තිමට නැවතුනු තැන

154

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මිතුරන් සමග දන්සල් වඳින්න යන බවට පවසා හික්කඩුව තොටගමු ගඟේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

කරන්දෙනිය මහා විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබන අලුත් නිවාස ඉගල්කන්ද ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි වන්නනිආරච්චි කංකානම්ගේ සස්මික සුදම් කුමාර නැමැති මෙම සිසුවා පසුගියදා (20) පෙරවරු 8.30ට පමණ නිවසින් පිටව ගොස් ඇති බව පැවසේ.

ඒ අනුව, සිසුන් නව දෙනෙකු දියේ නෑමට හික්කඩුව ගඟට ගොස් ඇති අතර, දියේ ගිලෙන්නට ගිය සිව්දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබෙනවා.

එහිදී සස්මික නමැති සිසුවා දියේ ගිලී අතුරුදන්ව ඇති අතර, පොලිස් ජීවිතාරක්ෂකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව රාත්‍රීයවන තෙක් සෝදිසි කිරීම් කර තිබුණා.

පසුව අතුරුදන්ව සිටි සස්මික සිසුවාගේ මළ සිරුර හික්කඩුව දුම්රිය පාලම අසල පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන් විසින් ගොඩ ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *