ඉදිරියට පැවැත්වීමට නියමිතව ඇති ප්‍රදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයෙකුට මිද්දෙනිය, ජුලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මිද්දෙනිය පොලිසියෙන් හිරු ප්‍රවෘත්ති අප කළ විමසීමකදී සඳහන් කළේ කේ.කේ. ප්‍රභාත් ඉන්දික නමැති පුද්ගලයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවත්, එම වෙඩි පහර ඔහුගේ උරහිස් ප්‍රදේශයට එල්ල වී ඇති බවයි.
කෙසේ වෙතත් තුවාල ලැබූ ඔහු ඇඹිලිපිටිය රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුලත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය සැකකරනු ලබන්නේ මෙම වෙඩි ප්‍රහාරය පෞද්ගලික ආරවුලක් මත සිදුවන්නට ඇති බවත්, සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

















