BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් තරුණිය ගැන අධිකරණය දුන් නියෝගය

186

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ක්ලබ් වසන්ත ඝාතනය – අත්අඩංගුවට ගත් තරුණිය ගැන අධිකරණය දුන් නියෝගය

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය අද (21) කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේය.

එම තරුණියව පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය කළ ඉල්ලීමට එහිදී අධිකරණය අවසර ලබාදී තිබුණි.

එම තරුණියව අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණි.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාවට ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *