BREAKING NEWS
Search

ඝාතනයකට උදව්කළ සැකකරුවෙක් අත්අඩංගුවට

122

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (20) එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අතුරුගිරිය නගරයේදීය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මානියම්ගම, අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරු මෙලස අත්අඩංගුවට ගෙන අත්තේ, අදාළ ඝාතනය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණයක කිරීම හා ආධාර අනුබලදීම යන කරුණු සම්බන්ධයෙන් බව පොලීසිය පවසයි.

සැකකරු කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉරිපත් කර ඇති බව පොලීසිය පවසයි.

පසුගිය මැයි මස 20 වනදා රාත්‍රී කාලයේදී කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පළාගොස් තිබුණි.

මේ අතර මෙම අපරාධය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *